1 කොරින්ති 16:14 - Sinhala New Revised Version 2018 ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න. Sinhala New Revised Version ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න. සිංහල කාලීන පරිවර්තනය ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් යුතුව කරන්න. Sinhala Revised Old Version නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා. |
ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොර ය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න.
මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශා වන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි.
ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න.
සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය.
දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.
එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,
අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා!
එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය.
සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය.
මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න.