ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 12:10 - Sinhala New Revised Version 2018

තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 12:10
38 හුවමාරු යොමු  

“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.


අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;


ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.


බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක.


“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.


එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.


එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය”යි වදාළ සේක.


ඒ දවස්වල දී ජෙරුසලමෙන් දිවැසිවරු අන්තියෝකියට පැමිණියාහ.


ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැඟිට, ‘ලොව පුරා මහත් සාගතයක් ඇති වන්නේ ය’යි ආත්මයාණන් කරණකොටගෙන ප්‍රකාශයක් කෙළේ ය. ඒ සාගතය ක්ලෞදියස් රජු දවස සිදු විය.


පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ.


එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද?


අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.


ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.


හිස වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ පුරුෂයා, තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි.


ප්‍රේමය සදාතනික ය. දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය; විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය; ඥානය වුව ද නැති වන්නේ ය.


එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා.


එබැවින්, සහෝදරවරුනි, දිවැස් වැකි දෙසීමට තදින් ආසා වන්න; අන් භාෂා කථනය තහනම් නොකරන්න.


දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා, ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසා ද, නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසා ද?


දිවැස් වැකි සුළු කොට නොතකන්න.


දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.


ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය.


ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, අපෝස්තුළුවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි.