ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.
ස්වාමින්වහන්සේගේ කුසලානෙන් හා යක්ෂාත්මයන්ගේ කුසලානෙන් බීමට ඔබට නුපුළුවන. ස්වාමින්වහන්සේගේ මේසයෙත්, යක්ෂාත්මයන්ගේ මේසයෙත් පංගුකාර වීමට ඔබට නුපුළුවන.
නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.
එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට, “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහු ද? සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම්, ඔහු අනුව යන්නැ”යි කීවේ ය. එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.
එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
නුඹලා පදිංචි වන පිණිස පැමිණි මිසර දේශයේ දී, නුඹලාගේ පිළිමවලට හා අන් දෙවිවරුන්ට කරන පූජා කරණකොටගෙන මා කෝප කරවන්නේ මන් ද? මේ හේතුවෙන් සියල්ලන් විසින් නුඹලා අත්හරිනු ලැබ, මිහි පිට හැම ජාතීන් ඉදිරියෙහි නුඹලා නින්දාවටත්, සාපයටත් ගොදුරු වන්නහු ය.
“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”
අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප පූප කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?