1 කොරින්ති 10:12 - Sinhala New Revised Version 2018 තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න. Sinhala New Revised Version තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා! Sinhala Revised Old Version එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා. |
එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”
එය සැබෑ ම ය. ඒවා කපනු ලැබුවේ අවිශ්වාසය නිසා ය. එහෙත් ඔබ ස්ථීර ව සිටින්නේ විශ්වාසය නිසා ය. ඒ නිසා අහංකාර නොවී දේව ගරුබිය ඇති ව සිටින්න.
ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.