බක්කිදෙස් එක වර ම විශාල සේනාවක් සමඟ පිටත් ව ගොස්, ජොනතන් සහ ඔහුගේ ආධාරකරුවන් අල්ලාගැනීමට ජුදා දේශයේ සිටි ඔහුගේ සියලු ම සහායකයන්ට රහස් උපදෙස් යැවී ය. එහෙත් ඔවුන්ගේ මේ උපාය එළිදරව් වූ බැවින් ඔවුන්ට සිතූ පරිදි එය කරගත හැකි නො වී ය.