මේ සිද්ධියෙන් පසු ව නිකනෝර් සියොන් කන්දට නැඟී ගියේ ය. එවිට ප්‍රජා මූලිකයන් කීප දෙනෙකු සමඟ සමහර පූජකවරු නිකනෝර් සාමදානයෙන් පිළිගැනීමටත්, රජු උදෙසා ඔප්පු කරන ලද දවන යාග පූජාව පෙන්වීමටත් ශුද්ධස්ථානයෙන් පිටත් ව ආහ.