එවිට රජ තෙම සියොන් කන්දට ඇතුළු විය. එහෙත් එම ස්ථානය බිඳ හෙළිය නොහැකි වන පමණට, එය කොපමණ ශක්තිමත් ද යන්න ඔහු දුටු විට, තමා විසින් ඊට කලින් දෙනු ලැබූ දිවුරුම කඩ කරමින්, වටේට පිහිටි ප්‍රාකාරය කඩා බිඳදමන ලෙස අණ කෙළේ ය.