ලිසියස් මේ ගැන ඇසූ විට, එක් වර ම නික්ම යාමට තීරණය කරගෙන, රජතුමා ද හමුදා සෙන්පතියන් ද සෙනඟ ද අමතා මෙසේ කී ය: “අපි දවසින් දවස දුර්වල වීගෙන යන්නෙමු. අපට ආහාර හිඟ ය. අප විසින් වටලන ලද ස්ථානය ද ඉතා ශක්තිසම්පන්න ය. ඇරත් රාජධානියේ කටයුතු ගැනත් අපේ අවධානය යොමු කළ යුතු ය.