තම හමුදාවේ පලා යාම ද, ජූදස්ගේ හමුදාවල ධෛර්යය ද, නියම හේවා භටයන් මෙන් ජීවිතයට හෝ මරණයට හෝ ඔවුන් තුළ තිබූ සූදානම ද ලිසියස් දුටු විට, ඔහු අන්තියොන් නගරයට ආපසු ගියේ ය. එහි දී ඔහු ඉන් ඉදිරියටත් ජුදා දේශය ආක්‍රමණය කිරීම සඳහා වඩාත් ශක්තිමත් ලෙස කුලියටගත් හේවා භටයන් පුරුදු පුහුණු කෙළේ ය.