ඔවුන් වටේට සිටි විජාතිකයෝ සියල්ලෝ ම ඔවුන් වනසාලීමට බලබලා සිටියෝ ය. මේ විජාතිකයෝ කතා කොට, “දැන් ඔවුන්ට නායකයෙක් නැත; මිත්‍රයෙක් නැත; අප දැන් ඔවුන්ට පහර දුන්නොත් අපි ඔවුන්ගේ නාම මිහි පිටින් සහමුලින් ම මකා දමන්නෙමු” යයි කී හ.