එවිට ගාසා නුවර සෙනඟ ජොනතන්ට ආයාචනා කරන්නට වූයෙන්, ඔහු ඔවුන් සමඟ සාමදාන විය. එහෙත් ඔහු ඔවුන්ගේ නායකයන්ගේ පුත්‍රයන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අල්ලාගෙන ඔවුන් ජෙරුසලම් නගරයට යැවී ය. ඉන්පසු ඔහු දේශය මැදින් දමස්කස් නුවර දක්වා ගමන් කෙළේ ය.