ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 87 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 87

සියොනේ තේජස

1 උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.

2 ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.

3 එම්බා දෙවියන්වහන්සේගේ නුවර, නුඹ ගැන කීර්තිමත් දේ කියා තිබේ.

4 මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.

5 එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.

6 ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.

7 ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල නුඹ තුළෙහියයි කියන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society