ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 70 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 70

ඉක්මනින් උපකාර ලැබීම සඳහා යාච්ඤාව ‍

1 දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.

2 මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජාවෙත්වා, වියවුල් වෙත්වා. මට පැමිණි අන්තරාය ගැන ප්‍රීතිවන්නෝ පසුබසිත්වා, අගෞරවයට පැමිණෙත්වා.

3 ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;

4 ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්‍රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.

5 නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය. ස්වාමිනි, පමා නූන මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society