ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 36 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 36

නපුරාගේ දුෂ්ටකම සහ දෙවියන්වහන්සේගේ යහපත්කම

1 දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.

2 මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුවෙහි තමාටම චාටුකරගනියි.

3 ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.

4 ඔහු තමාගේ යහනේදී අයුතුකම යොදයි; යහපත් නුවූ මාර්ගයක හැසිරෙයි; නපුරට පිළිකුල් නොකරයි.

5 ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.

6 ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.

7 දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය කොපමණ අනර්ඝද! මනුෂ්‍ය පුත්‍රයෝ ඔබගේ පියාපත් සෙවණෙහි ආරක්ෂාව ලබති.

8 ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.

9 මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.

10 ඔබ අඳුනන්නන්ට ඔබගේ කරුණා ගුණයත් අවංක සිත් ඇත්තන්ට ඔබගේ ධර්මිෂ්ඨකමත් පැවැත්තුව මැනව.

11 උඩඟුකමේ පය මට විරුද්ධව නොඒවා, දුෂ්ටයන්ගේ අත මා නොඑළවන්නේ වේවා.

12 අයුතුකම්කරන්නෝ වැටී සිටිති. ඔව්හු හෙළනු ලැබුවෝය, නැගිටින්ට නොහැකිවන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society