ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 134 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 134

රාත්‍රි මෙහෙය පවත්වන්නන්ට ආචාරය

1 රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

2 ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

3 ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.

Ceylon Bible Society

Ceylon Bible Society