ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 132 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 132

දාවිත් සමඟ කළ ගිවිසුම ස්ථිරකිරීම

1 ස්වාමිනි, දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;

2 එනම් ස්වාමීන්ට ස්ථානයක්ද යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට මණ්ඩපයක්ද සොයාගන්නා තෙක්

3 සැබවින් මාගේ ගෙයි මණ්ඩපයට ඇතුල් නොවන්නෙමි, මාගේ යහනට නොනගින්නෙමි;

4 මාගේ ඇස්වලට නින්දවත් ඇසිපියවලට නිදිබරවත් නොදෙන්නෙමියි කියා

5 ඔහු ස්වාමීන්ට දිවුරමින් යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.

6 බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.

7 අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව; උන්වහන්සේගේ පාපුටුව ළඟ නමස්කාරකරන්නෙමුව,

8 ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.

9 ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්‍රීතිශබ්ද කෙරෙත්වා.

10 ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.

11 නුඹේ ශරීර ඵලයෙන් නුඹේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂා කරන්නෝ නම්,

12 ඔවුන්ගේ පුත්‍රයොත් නුඹේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.

13 මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක.

14 මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි.

15 සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.

16 එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්‍රීතියෙන් ඝෝෂාකරන්නෝය.

17 එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි.

18 ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society