ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 131 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 131

ළමයෙකු මෙන් භාරවීම

1 ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.

2 සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි; කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.

3 එම්බා ඉශ්‍රායෙල්, මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව.

Ceylon Bible Society

Ceylon Bible Society