ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 114 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 114

ස්වාමීන්වහන්සේ ගෙනදුන් මවිතවූ මිදීම

1 ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල

2 යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.

3 මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.

4 කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.

5 එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?

6 එම්බා කඳු, නුඹලා බැටළුවන් මෙන්ද කුඩා හෙල්, නුඹලා බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ නුඹලාට කුමක් වෙලාද?

7 එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ

8 ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.

Ceylon Bible Society

Ceylon Bible Society