ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 70 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 70


දාවිත්ගේ ගීයකි; සැමරීම පිණිස ය.

විපතේ දී මොරගැසීම

1 අනේ දෙවිඳුනි! මා මුදාගත මැනව! අනේ සමිඳුනි! මට සහාය වීමට ඉක්මන් වුව මැනව!

2 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා! මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!

3 “හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!

4 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝදයෙන් සතුටු වෙත් වා! ඔබ දෙන විමුක්තියට ප්‍රේම කරන්නෝ ‘දෙවිඳාණෝ ශ්‍රේෂ්ඨ ය’යි නිතර ම කියත් වා!

5 එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!

Ceylon Bible Society

Ceylon Bible Society