ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 113 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 113

සමිඳුන්ගේ යහපත්කම වැණීම

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.

2 මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!

3 සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.

4 සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.

5 අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.

6 එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.

7 එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.

8 එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.

9 එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Ceylon Bible Society

Ceylon Bible Society