ජෙරුසලම ගැන පැසසුමදාවිත් විසිනි. 1 “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි. 2 එම්බා ජෙරුසලම! අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ. 3 එම්බා ජෙරුසලම! මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය. 4 ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳාණන් වහන්සේගේ ගෝත්‍රයෝ, එතුමාණෝ නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති. 5 මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ. 6 ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා! 7 තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා! 8 මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!” 9 අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි. |