සීමොන් සෙන්පති වීම1 ජුදා දේශය ආක්‍රමණය කොට එය වනසාලනු සඳහා ට්‍රිපෝ විසින් විශාල හමුදාවක් රැස් කරන ලද බව සීමොන්ට සැළ විය. 2 සෙනඟ බියෙන් තැතිගෙන සිටින බව දුටු විට, ඔහු ජෙරුසලමට ගොස් සෙනඟ කැඳවා, ඔවුන් ධෛර්යවත් කරවමින් ඔවුන්ට කතා කොට, 3 “ව්‍යවස්ථාවන් සහ ශුද්ධස්ථානය සඳහා මාත් මගේ සහෝදරයනුත්, මගේ පියාගේ පවුලත් කළ සියල්ල ඔබ හැම දන්නාහු ය. අප අත්දුටු සටන් සහ දුක් ගැනත් ඔබ දන්නාහු ය. 4 ඉශ්රායෙල් ජාතිය උදෙසා මාගේ සහෝදරයන් සියලු දෙනා ම මියගියේත් ඒ නිසා ය. දැන් ඉතිරි ව සිටින්නේ මා පමණ ය. 5 මාගේ සහෝදරයන්ට වඩා මා නොවටින කෙනෙකු බැවින් කිසි ම පීඩන කාලයක දී කවදාවත් මම මාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ නොකරමි. 6 දැන් විජාතීන් සියලු දෙනා ම ද්වේෂ සහගත ව අප වනසාලීම සඳහා එකඟ වී සිටින බැවින් මාගේ ජාතිය හා ශුද්ධස්ථානය උදෙසා ද ඔබේ අඹුදරුවන් උදෙසා ද ඔවුන්ගෙන් පළිගනිමි”යි කීවේ ය. 7 සෙනඟ ඔහුගේ වචනවලට සවන් දුන් විට ඔවුන්ගේ ධෛර්යය නැවත ප්‍රාණවත් වී 8 ඔව්හු මහා හඬින් කෑගසමින්, “ජූදස් සහ ඔහුගේ සහෝදර ජොනතන් වෙනුවට ඔබ අපේ නායකයා වන්නෙහි ය. 9 අප උදෙසා සටන් කරන්න. ඔබ අපට කියන සෑම දෙයක් ම අපි කරන්නෙමු”යි කීවෝ ය. 10 එබැවින් ඔහු සටන් කරන මිනිසුන් සියලු දෙනා කැඳවා, ජෙරුසලමේ ප්‍රාකාර සම්පූර්ණ කර එය වටා වූ මායිම් සියල්ල ශක්තිසම්පන්න කරවූයේ ය. 11 තවද, ඔහු අබ්සලොම්ගේ පුත් ජොනතන් යටතේ සෑහෙන සේනාවක් ජොප්පා නුවරට යැවී ය. මොහු එහි සිටි වැසියන් පන්නාදමා එය අල්ලාගෙන සිටියේ ය. සීමොන් ජුදෙයාවෙන් ට්‍රිපෝ පන්නාදැමීම12 ට්‍රිපෝ ද ජොනතන් තම පාලනය යටතට ගෙන, ජුදා දේශය ආක්‍රමණය කරන පිණිස විශාල යුද්ධ සේනාවක් රැගෙන තොලමයිස් නගරයෙන් නික්ම ගියේ ය. 13 සීමොන් මිටියාවතට මුහුණ ලා අදිදා නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. 14 සීමොන් ඔහුගේ සහෝදර ජොනතන්ගේ ස්ථානය ගත් බවත්, ඔහු තමාට විරුද්ධ ව සටන් කිරීමට අදහස් කරගෙන සිටින බවත්, ට්‍රිපෝ දැනගත් විට ඔහු සීමොන් වෙත පහත දැක්වෙන පණිවුඩය තානාපතීන් මඟින් දන්වා යැවී ය: 15 “ඔබේ සහෝදර ජොනතන් දැරූ පදවිවලට ඔහු රාජකීය භාණ්ඩාගාරයට ණය ගෙවීමට බැඳී සිටියේ ය. අප ඔහු නවත්වාගෙන සිටින්නේ ඒ නිසා ය. 16 කැරලි නොගසන බවට ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු ද රිදී කාසි සියයක් ද ඔබ එවන්නෙහි නම්, අපි ඔහු නිදහස් කර හරින්නෙමු.” 17 මේ පණිවුඩය ප්‍රයෝගයක් බව සීමොන් දැනගත් නමුත්, සෙනඟ ඔහු කෙරෙහි වඩාත් වෛරයක් ඇති කරගනිති යි යන බියෙන් ඔහු ඒ මුදල සහ පුතුන් ලබාගැනීම සඳහා පණිවුඩයක් යැවී ය. 18 මන්ද, එසේ නොකළොත්, සීමොන් ඒ මුදල සහ ළමයින් නෑරිය බැවින් ජොනතන් මළේ යයි කියන්නට සෙනඟට ඉඩ තිබිණි. 19 එබැවින් ඔහු ඒ ළමුන් සහ රිදී කාසි සියය යැවී ය. එහෙත් ට්‍රිපෝ පොරොන්දුව ඉටු නොකර, ජොනතන්ට නිදහස නුදුන්නේ ය. 20 ඉන්පසු ට්‍රිපෝ දේශය ආක්‍රමණය කිරීමටත් විනාශ කිරීමටත් පටන්ගත්තේ ය. ඔහු අදෝරා නම් පාර ඔස්සේ හැරී ගිය නමුත්, ඔහු යන්නට උත්සාහ කළ සෑම තැනකට ම සීමොන් සහ ඔහුගේ හමුදාව ඔහුට විරුද්ධ ව හරස් කැපුවෝ ය. 21 නුවර බලකොටුවේ සිටි සෙනඟ ට්‍රිපෝ වෙත දූතයන් යවමින්, පාළුකරය ඔස්සේ තමන් වෙත එන ලෙසත්, තමන්ට ආහාර සපයන ලෙසත් තදින් ඉල්ලා සිටියෝ ය. 22 පිටත් ව යන පිණිස ට්‍රිපෝ තමාගේ මුළු අශ්ව හමුදාව සංවිධානය කළ නමුත් එදින රාත්‍රියේ ඉතා තදින් හිම වැටුණ බැවින් ඔහුට යාගත නො හැකි විය. එබැවින් ඔහු කඳවුර ගලවා ගිලියද් දේශයට යන්ට ගියේ ය. 23 ඔහු බස්කාමා නම් ස්ථානයට ළඟා වූ විට, එහි දී ජොනතන් මරා වළලාදැම්මේ ය. 24 ට්‍රිපෝ ආපසු හැරී ගොස් තමාගේ රට නැවත දිනාගත්තේ ය. ජොනතන් භූමදාන කිරීම25 සීමොන් දූතයන් යවා තමාගේ සහෝදර ජොනතන්ගේ ඇටකටු ගෙන්වාගෙන ඔහුගේ පියවරුන්ගේ නගරය වන මොදෙයින්හි දී ඒවා තැන්පත් කෙළේ ය. 26 මුළු ඉශ්රායෙල් ජනතාව බොහෝ දින ගණනක් ඔහු උදෙසා වැලපෙමින් ප්‍රසිද්ධ ලෙස අවමංගල්‍යය පැවැත්වූ හ. 27 සීමොන් ද ඔහුගේ පියාගේ සහ සහෝදරයන්ගේ සොහොන් කොතට ඉහළින්, ඉදිරියට සහ පිටිපසට නෙළූ ගල් යොදා ඈත සිට පෙනෙන පරිදි, උස සිහිවටනයක් ගොඩනැඟුවේ ය. 28 ඔහුගේ පියා සහ මව වෙනුවට ද සහෝදරයන් සතර දෙනා වෙනුවට ද මුහුණට මුහුණ ලා සිටින පරිදි පිරමීඩ හතක් ඉදි කෙළේ ය. 29 ඔහු ඒවා පදනම් මත ඉදිකොට උස් කුලුණුවලින් වට කෙළේ ය. ඒ කුලුණු මත සදහට ම ඔවුන් සිහි වීමක් වශයෙන් යුද්ධායුධවල ජයසංකේත කැටයම් කෙළේ ය. ඒවාට අමතර ව, මුහුදු නාවිකයන්ට පෙනෙන පරිදි ඒවායේ නෞකා රූප ද කැටයම් කෙළේ ය. 30 මොදෙයින්හි ඔහු ඉදි කළ සිහිවටනය එබඳු එකක් විය. එය අද දක්වා පවතී. දෙ වන දෙමෙත්‍රියස් සීමොන්ට අනුග්‍රහය දැක්වීම31 ට්‍රිපෝ බාල වියේ සිටි ඇන්ටිඕකස් රජුට ද්‍රෝහිකම් කොට ඔහු මරාදැමී ය. 32 ඔහු ආසියාවේ රජ කිරුළ පැළඳගෙන රජ සිහසුන බලහත්කාරයෙන් පවරාගෙන රටට මහා විපත්තියක් පැමිණෙව්වේ ය. 33 සීමොන් ජුදයාවේ බලකොටු ඉදි කොට ඒවා උස් කොත්වලින් ද මහා පවුරුවලින් ද අගුලු සහිත වාසල් දොරටුවලින් ද වට කර ඒවායේ ආහාර ගබඩා කොට තැබී ය. 34 තවද ඔහු එම ප්‍රාන්තයට සහනය දානය කිරීමට රජු පොළඹවාගන්න පිණිස නියෝජ්‍ය දූත පිරිසක් දෙමෙත්‍රියස් රජු වෙත යැවී ය. ට්‍රිපෝ කළ එක ම දෙය වූයේ සියල්ල ම රාජසන්තක කිරීම යි. 35 එබැවින් දෙමෙත්‍රියස් රජ තෙමේ ද ඔහුගේ ඉල්ලීමට පහත දැක්වෙන ලෙස ලිපියකින් පිළිතුරු දුන්නේ ය. 36 “සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් නායක පූජකවරයා ද රාජ මිත්‍රයා වන සීමොන් ද ප්‍රජා මූලිකයන් ද ජුදා ජාතිය ද වෙතට යි. 37 ඔබ අප වෙත එවූ ස්වර්ණ කිරීටය හා තාල පත්‍රය අප පිළිගත්තේ මහත් සතුටිනි. ඔබ සමඟ පොදු වශයෙන් සාමදානයක් ඇති කරගැනීමටත් සහනය දෙනු පිණිස නිලධාරීන්ට ලිවීමටත් අපි සූදානම් වී සිටිමු. 38 ඔබ ගැන අප පැනවූ නියෝග සියල්ල වලංගු ය. ඔබ ගොඩනැඟුවාවූ බලකොටු ද ඔබ අතේ තබාගත හැකි ය. 39 අද දක්වා දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ කරන ලද වැරදි සියල්ල අපි කමා කරමු. ඔබ ගෙවිය යුතු ව තිබුණු රාජකීය බද්දෙන් හා ජෙරුසලමෙහි කළ යුතු ව තිබුණු අනික් යුතුකම්වලින් ද අපි ඔබ නිදහස් කර හරින්නෙමු. 40 ඔබ අතරෙහි අපේ ආරක්ෂක භටයන් ලෙස ලියාපදිංචි වීමට කැමැති අය සිටිත් නම් ඔවුන්ට එසේ ලියාපදිංචි විය හැකි ය. අප අතර සාමදානය පවතී වා!” 41 ඉශ්රායෙල් ජනයා අතරෙන් විජාතිකයන්ගේ පාලනය ඉවත් කරන ලද්දේ වර්ෂ එක සිය හැත්තෑවේ දී ය. 42 සෙනඟ ඔවුන්ගේ ලියකියවිලි හා ගිවිසුම් නීත්‍යනුකූල ව ලිවීම ඇරඹුවේ උත්තම පූජකයා ද හමුදා කොමසාරිස්වරයා ද ජුදාවරුන්ගේ නායකයා ද වන සීමොන්ගේ පළමු වන අවුරුද්දේ දී ය. සීමොන් ගේශෙර් නුවර අල්ලාගැනීම43 ඒ කාලයේ දී ගේශෙර් නුවර වටලෑමට ගිය සීමොන්ගේ යුද්ධ භටයන් විසින් එය වට කරන ලදී. ඔහු එහා මෙහා ගෙන ගිය හැකි කොතක් ඉදිකොට එය නගරයට ගෙනවුත් අට්ටාලයේ කපොල්ලක් විවෘත කොට එය නගරය තුළට ගත්තේ ය. 44 ඉන්පසු ඒ කොතේ සිටි සෙනඟ නගරය තුළට පැන්න විට එහි මහා කලබලයක් ඇති විය. 45 නගර වැසියෝ ද තම අඹුදරුවන් රැගෙන ප්‍රාකාරයට නැඟ දුකින් තම වස්ත්‍ර ඉරාගෙන සතුරන් සමඟ සාමදානයට පැමිණෙන ලෙස හඬ නඟා සීමොන්ට ආයාචන කළෝ ය. 46 ඔව්හු කතා කොට, “අපේ දුෂ්ටකම අනුව නොව ඔබේ දයාව තුඩු දෙන පරිදි අපට සලකන්නැ”යි කී හ. 47 සීමොන් ද ඔවුන් හා සාමදාන වී සටන නැවැත්වූයේ ය. එහෙත් ඔහු ඔවුන් නගරයෙන් පලවා හැර බොරු දේව පිළිම තිබූ ගෙවල් පවිත්‍ර කොට පසස් ගී ගයමින් නගරයට ඇතුළු විය. 48 ඉන්පසු ඔහු එහි සියලු අපවිත්‍රකම් දුරුකොට, ව්‍යවස්ථාව පිළිපැදි සෙනඟ එහි පදිංචි කරවා, නගරය ශක්තිමත් කොට තමාට ම එහි නිවාසයක් ගොඩනැඟී ය. සීමොන් ජෙරුසලමේ බලකොටුව අල්ලාගැනීම49 පිටිසර ප්‍රදේශයකට ගොස් ආහාර පානාදිය ගෙනවුත් වෙළෙහෙළෙඳාම් කිරීම ජෙරුසලමේ බලකොටුවේ සිටි සෙනඟට තහනම් කර තිබුණු බැවින්, ඔවුන්ට ආහාර හිඟකම තදින් ම දැනෙන්නට විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද කුස ගින්නෙන් මියගියහ. 50 තමන් සමඟ සාමදාන වන ලෙස ඔවුන් සීමොන්ට ආයාචන කළ විට ඔහු ද එයට කැමැති විය. එහෙත්, ඔහු ඔවුන් පලවා හැර නගරයට වූ කෙලෙසීම්වලින් එය පවිත්‍ර කෙළේ ය. 51 ජුදා සෙනඟ ප්‍රබල සතුරෙකු සුණු විසුණු කොට ඉශ්රායෙල්වරුන් අතරින් පන්නා දැමූ බැවින්, වර්ෂ එකසිය හැත්තෑ එකේ දෙ වන මාසයේ විසි තුන් වන දින ඔව්හු ඔල්වරහඬ නඟමින් තාලපත්‍ර ගෙන මහා වීණා, කුඩා වීණා හා අත්තල් හඬට ගී සින්දු ගය ගයා නගරයට ඇතුළු වූ හ. 52 සීමොන් එම දවස අවුරුදු පතා ප්‍රීති වීමේ දවසක් කෙළේ ය. ඔහු බලකොටුව අසල වූ දේව මාලිගාව පිහිටි කන්දේ ආරක්ෂක සංවිධාන ශක්තිසම්පන්න කොට ඔහුගේ සෙනඟ සමඟ එහි පදිංචි විය. 53 තම පුත් ජොහන් වැඩිවියට පැමිණි බව දුටු සීමොන් ඔහු සියලු හමුදාවල සෙන්පතියා වශයෙන් පත් කෙළේ ය. ඔහු ද නුවර පදිංචියට ආවේ ය. |