“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
2 රාජාවලිය 24:4 - Sinhala New Revised Version ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය. Sinhala New Revised Version 2018 ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය. Sinhala Revised Old Version ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය. ස්වාමීන්වහන්සේද කමාවෙන්ට නොකැමැතිවූසේක. |
“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,
තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.
එසේ වී නමුත්, මනස්සේ විසින් සමිඳාණන් වහන්සේ කෝප කරවන ලද සියලු කාරණා නිසා ජුදාට විරුද්ධ ව ඇවිළී තිබූ උන් වහන්සේගේ ඉමහත් උදහසේ බලවත්කම උන් වහන්සේ පහකර නොගත් සේක.
ජෙහෝයාකිම්ගේ අනික් ක්රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය; ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය.
ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි.
මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය.
එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”
මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි.
‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය.
“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! එය කිසි කලක ශුද්ධ නොකළ මලකඩ කෑ හැළියක් වැනි ය. එයින් එක එක කෑල්ල නොතෝරා එළියට ගන්න.
මාගේ කෝපය උතුරා යන පිණිසත්, පළිගන්න පිණිසත් ඈ වගුළ ලේ සැඟවිය නොහැකි ලෙස මම පර්වතය උඩ තැබීමි.
“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?
නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්ර කිරීමට අන් මගක් නැත.
එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය.
එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත.