2 රාජාවලිය 15:3 - Sinhala New Revised Version තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. Sinhala New Revised Version 2018 තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. Sinhala Revised Old Version ඔහු තමාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. |
දහසය අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙකොලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය.
එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
උශ්ශියාට දහසය අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙකෝලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.