එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු; කිසිවෙකු රජ කර නොගන්නෙමු. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.
2 රාජාවලිය 10:6 - Sinhala New Revised Version එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, “ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, “ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය. Sinhala Revised Old Version එවිට ඔහු දෙවෙනි වර ඔවුන්ට ලියුමක් ලියා: නුඹලා මාගේ පක්ෂයට සිට මාගේ හඬට ඇහුම්කන් දෙනවා නම්, නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රවූ මනුෂ්‍යයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා ළඟට යෙස්‍රෙයෙල්ට එන්නැයි කියා හැරියේය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩිකළ නුවර මුලාදෑනීන් වෙත සිටියෝය. |
එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු; කිසිවෙකු රජ කර නොගන්නෙමු. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.
තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.
පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, “ඔබ නිර්දෝෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද?
ඔහු කවුළුව දෙස බලා, “මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය.
‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය. එය එසේ නොවේ; තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.
උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.
මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.
එහෙත් ජේසුස් වහන්සේ, “තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; වැඳුම්පිදුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.