තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.
1 රාජාවලිය 3:26 - Sinhala New Revised Version එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය. Sinhala Revised Old Version එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි උණුවූ බැවින් ඈ රජුට කථාකොට: අනේ, මාගේ ස්වාමිනි, ජීවත්ව ඉන්න දරුවා ඈට දුනමැනවි, මරන්ට නම් එපායයි කීවාය. නුමුත් අනික් තැනැත්තී: ඔහු මටවත් නුඹටවත් නොවේවා, කපත්වයි කීවාය. |
තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.
එවිට රජ කතා කොට, “ජීවත් ව සිටින දරුවා දෙකට කපා බාගයක් එක් තැනැත්තියකටත්, බාගයක් අනික් තැනැත්තියටත් දෙන්නැ”යි කීවේ ය.
එවිට රජ උත්තර දෙමින්, “ජීවත් ව සිටින දරුවා මරන්නට එපා, අර තැනැත්තියට දෙන්න. ඈ ඔහුගේ මව ය”යි කීවේ ය.
මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:
සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.
ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.
“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද?
ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?