ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:20 - Sinhala New Revised Version

ඈ මධ්‍යම රාත්‍රියෙහි නැඟිට, ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටිය දී, මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, ඇගේ මළ දරුවා මාගේ ළයෙහි තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඈ මධ්‍යම රාත්‍රියෙහි නැඟිට, ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටිය දී, මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, ඇගේ මළ දරුවා මාගේ ළයෙහි තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:20
6 හුවමාරු යොමු  

මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය.


උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.


“අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්,


“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.


නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.