එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
1 රාජාවලිය 20:41 - Sinhala New Revised Version එවිට ඔහු වහා ම හිස්වැස්ම තමාගේ ඇස්වලින් ඉවත් කෙළේ ය. එවිට ඔහු දිවැසිවරයෙකු බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේ ය. Sinhala New Revised Version 2018 එවිට ඔහු වහා ම හිස්වැස්ම තමාගේ ඇස්වලින් ඉවත් කෙළේ ය. එවිට ඔහු දිවැසිවරයෙකු බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේ ය. Sinhala Revised Old Version එවිට ඔහු වහාම හිස්කඩ තමාගේ ඇස්වලින් ඉවත්කෙළේය; එවිට ඔහු ප්‍රොපේතවරයෙක් බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේය. |
එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.
එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.
එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය.
ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.