ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,
1 රාජාවලිය 10:9 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය. |
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,
තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.
දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.
රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ ය.
හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.
එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය.
“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.
“මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි.
එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත්, ඔබේ පියවරුන්ට උන් වහන්සේ දිවුළ පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත්, උන් වහන්සේ සිය බාහු බලය පෙන්වා, ඔබ මුදාගෙන අවුත්, මිසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගළවා ලූ සේක.