මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
ක්‍රියා 16:2 - Sinhala New Revised Version ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. සිංහල කාලීන පරිවර්තනය ලුස්ත්‍රාවෙහි හා ඉකෝනියෙහි විසූ සහෝදරයෝ තිමෝති ගැන ගුණ කීහ. Sinhala New Revised Version 2018 ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. Sinhala Revised Old Version ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය. |
මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.
ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්,
එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.
එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.
ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය.
ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
එසේ ම පැහැදිලි ව පෙනෙන යහපත් ක්‍රියා ද ඇත. එසේ නොපෙනුණත්, ඒවා සැඟවී තිබෙන්නට නොහැකි ය.
අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.
ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.