තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.
2 රාජාවලිය 8:3 - Sinhala New Revised Version 2018 සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය. Sinhala New Revised Version සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය. Sinhala Revised Old Version සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය. |
තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.
එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය.
ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.
ඒ ස්ත්‍රී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙවැසියන් සමඟ පිටත් ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියා ය.
එකල්හි රජ, “එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය.
රජු ද ස්ත්‍රියගෙන් ඇසූ විට ඈ ඔහුට සියල්ල කීවා ය. තවද, රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකුට නියම කොට, “ඈට අයිති වූ සියල්ල ද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු ඇගේ ඉඩමෙන් හටගත් සියලු පල ද ඈට ලබා දෙන්නැ”යි කී ය.
ඔහු දිළිඳු අසරණයන්ට යුක්තිය ඉටු කෙළේ ය. ඒ නිසා ඔහු කළ හැම දේ සඵලවත් විය. සමිඳුන් අදහාගැන්ම යන්නෙන් අදහස් කරන්නේ එය යි.