1 රාජාවලිය 6:10 - Sinhala New Revised Version 2018 ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය. Sinhala New Revised Version ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය. Sinhala Revised Old Version ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය. |
මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය.
එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී.
එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,
“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.
ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුලුණු සිටුවා තිබිණි.