සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.
1 රාජාවලිය 22:32 - Sinhala New Revised Version 2018 තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. Sinhala New Revised Version තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. Sinhala Revised Old Version තවද රථාධිපතීහු යෙහෝෂාපාට් දුටුකල: මොහු ඉශ්රායෙල් රජමයයි කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට හැරුණෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය. |
සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.
රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක.
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.