සත් වන වර ඔහු කතා කොට, “මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, “ ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය.
1 රාජාවලිය 20:14 - Sinhala New Revised Version 2018 ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය. Sinhala New Revised Version ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය. Sinhala Revised Old Version ආහබ්: කා ලවාදැයි ඇසුවේය. ඔහුද: ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවායයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවේය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය. |
සත් වන වර ඔහු කතා කොට, “මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, “ ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය.
එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.
ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ.
ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ යැ”යි දන්වන ලදී.
මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.