ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 18:25 - Sinhala New Revised Version 2018

එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: නුඹලා බොහෝදෙනෙකු බැවින් පළමුකොට නුඹලාට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 18:25
4 හුවමාරු යොමු  

ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, “ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය.


ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.


එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය.


සමාරියේ දිවැසිවරුන් අතරේ පිළිකුල් කටයුතු දේ මා දැක ඇත. ඔව්හු බාල් දෙවියාගේ නාමයෙන් දිවැස් වැකි කියා මාගේ ම ඉශ්රායෙල් සෙනඟ මුළා කළහ.