ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
1 රාජාවලිය 13:17 - Sinhala New Revised Version 2018 මන්ද, ‘නුඹ එහිදී කෑම කන්න වත්, වතුර බොන්න වත්, නුඹ යන මාර්ගයෙන් හැරී එන්න වත් එපා ය’ කියා සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට කියන ලද්දේ ය”යි සැළ කෙළේ ය. Sinhala New Revised Version මන්ද, ‘නුඹ එහිදී කෑම කන්න වත්, වතුර බොන්න වත්, නුඹ යන මාර්ගයෙන් හැරී එන්න වත් එපා ය’ කියා සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට කියන ලද්දේ ය”යි සැළ කෙළේ ය. Sinhala Revised Old Version මක්නිසාද–නුඹ එහිදී කෑම කන්ටවත් වතුර බොන්ටවත් නුඹ යන මාර්ගයෙන් හැරී එන්ටවත් එපාය කියා ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කියන ලද්දේයයි කීවේය. |
ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,
එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.
දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.
අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.